mediahumanrights.lk
Local News News

අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

කොරෝනා ආසාදිතයන් පිරිසක් බස් රථ දෙකකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යමින් සිටියදී ඒවායේ ජනෙල් විවෘත කර කෙළ ගැසීම පිලිබද තොරතුරක් වාර්තා වේ.

පෙරේදා දින රාත්‍රියේදී අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් පිරිසක් ගෙන යද්දී අලුත් අලොතියාව පොලිස් මුරපොල සහ ඒ ආසන්නයේ ප්‍රදේශවලට මෙසේ කෙළ ගසා ඇත.

මේ නිසා එහි සිටි පොලිස් නිලධාරීන් සහ ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව ඇත.

පසුව එම ප‍්‍රදේශයන් විෂබීජහරණයට කටයුතු කර ඇත.

මීට පෙරද අටළුගම ප්‍රදේශයේ ආසාදිතයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර ඔවුන්ට කෙල ගසනු ලැබීය.

lankacnews

Related posts

ප‍්‍රභාකරන් දෙවියෙක්..මහින්ද-ගෝටා මිනීමරුවන්, හොරුන් – ගෝටා අති විශිෂ්ඨ කතාවක් කියයි – Video

Shiran Viraj

අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

Shiran Viraj

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

Shiran Viraj