mediahumanrights.lk
Local NewsNews

මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේ

කොබෙයිගනේ පොලිස් වසමේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරම්කරුවෙකු විසින් ටිපර් රථයකට යටකර ජීවිතක්ෂයට පත්කළ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර සඳහා උසස් කර තිබේ.

එම පොලිස් කොස්තාපල්වරයා විසින් සිදුකළ සේවය වෙනුවෙන්, පොලිස්පතිවරයා විසින් එම උසස්වීම ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

දැඳුරු ඔයේ නීතිවිරෝධී වැලි ගොඩදැමීමක් සිදුවන බවට කොබෙයිගනේ පොලීසියට ලද ‍‍තොරතුරක් මත පොලිස් නිලධාරීන් 5දෙනෙකු පසුගිය 28 වන දා මධ්‍යම රාත්‍රියේ අදාළ ස්ථානයට ගොස් තිබුණි.

එම අවස්ථාවේදී වැලි පටවා ගත් ටිපර් රථයක් ඉදිරියට පැමිණ තිබූ අතර පොලිස් නිලධාරීන් රථය නවත්වන්නැයි සංඥා කර තිබුණි.

ඊට අවනත නොවූ ටිපර් රථ රියදුරු , රථය නොනවත්වා ඉදිරියට ධාවනය කරමින් එක් පොලිස් නිලධාරියෙක් යටකර ඝාතනය කර ඇත.

අනතුරින් මියගියේ, කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ නිකවැරටිය අඹගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් වන 32 හැවිරිදි නදීප් ආකාෂ් රත්නායක නම් පොලිස් කොස්තාපල්වරයාය.

ada derana

Related posts

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

Shiran Viraj

පොල් මිල යළි ඉහළට…

Shiran Viraj

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්

Shiran Viraj
Translate »