mediahumanrights.lk
Uncategorized

ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.. ප‍්‍රදේශ කිහිපයක හුදකලාව ඉවතට..

දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 5.00 සිට එම තත්ත්වයෙන් මුදා හැරීමට කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ, මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම පොලිස් බල ප්‍රදේශද හෙට අළුයම 5 සිට හුදෙකලා බවින් මුදා හරින බවයි.

කෙසේ නමුත් මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස තවදුරටත් හුදෙකලා තත්වයේ පවතින බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම වැල්ලම්පිටියේ රන්සඳ සෙවන නිවාස සංකීර්ණයත් සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම් ද වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

Related posts

ලංකාවේ අධ්‍යාපනය අවජාතකයි..- බන්දුල

Shiran Viraj

හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..

Shiran Viraj

ලංකාව බලා එන පලමු වාහන නැව ජපානයෙන් පිටත් වේ..

Shiran Viraj
Translate »