mediahumanrights.lk
Local News News

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.

ඔහු පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ වෛද්‍යවරයා සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

adaderananews

Related posts

භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යති

Shiran Viraj

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

Shiran Viraj