mediahumanrights.lk
NewsPolitical

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. 

ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයායි. ඒ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් ඡන්ද 69,024,255 ක් ලබාගන්නේ  52.25% ක ඡන්ද ප‍්‍රතිශතයක් ද සමගයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාතී‍්‍ර 08 යි 30 ට ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි. 

එම විශේෂ ප‍්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප‍්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය ද අදයි. වත්මන් ආණ්ඩුවේ මුදල්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද වන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට 05 වන විධායක ජනාධිපතිවරයායි.

1945 නොවැම්බර් මස 18 වනදා උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා රටට ජයග‍්‍රහණ රැුසක් අත්කර දුන් සුවිශේෂී නායකයෙකු ලෙසටයි සැලකෙන්නේ. 

nethnews

Related posts

බුදු අම්මෝ පොම්පියෝ එනවෝ, එම්සීසී ගිවිසුම අත්සන් කරන්න යනවෝ’ මරලතෝනි ඇහෙනවා : විමල් වීරවංශ

Shiran Viraj

බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්

Shiran Viraj

ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට

Shiran Viraj
Translate »