mediahumanrights.lk
Local NewsNews

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදාන කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසර ලබාදීමට කැමැත්ත පළ කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පැවසූ බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ මහ ලේකම් අබ්දුර් රාසික් සඳහන් කරන්නේ කැබිනට් රැස්වීමේ දී අලි සබ්රි විසින්ම මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

එහිදී වියළි කළාපීය භූමි ප්‍රදේශයක් එම දේහයන් භුමදානය සඳහා තෝරා ගන්නා ලෙස ජනාධිපතිතුමන් උපදෙස් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථානයක් ඊට තෝරා ගැනීමට යෝජනා වී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙවන් තීරණයක් ගෙන නැති බව සමාජ මාධ්‍ය තුල ඇතිව තිබෙන කතාබහෙන් පසු නැවතත් තමන් අලි සබ්රි මහතාගෙන් විමසූ විට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කර නැති බව ඇමතිවරයා පැවසූ බව ඔහු සඳහන් කළේය.

එම නිර්දේශ ප්‍රකාශයට පත් කරන තුරු පැරණි ක්‍රමවේදයටම අවසන් කටයුතු කරන්නට සිදුවන බවද හැකි ඉක්මනින් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවත් ඇමති සබ්රි පැවසූ බවද ඔහු සඳහන් කළේය.

lankacnews

Related posts

වී ගබඩාව එපා කියන මීතොටමුල්ලේ විපතට පත්වූවන් අලුත් යෝජනාවට එකඟයි

Shiran Viraj

ඔව්! මං සාම්ප්‍රදායික නැහැ

Shiran Viraj

සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි

Shiran Viraj
Translate »