mediahumanrights.lk
Local NewsNews

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (02) දින කටයුතු කලහ.

එම බැංකුවේ කලමණාකාරවරයා නිවාඩු ගොස් සිටියදි සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව කලමණාකාරවරයාට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග බැංකුවේ සේවය කල කාර්යය මණ්ඩලය ඔහුන් රැදි සිටි ස්ථානවලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

බැංකුවේ කලමණාකාරවරයාගේ ඥාතියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු බවටද තහවුරු වි ඇත.

මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් (02) දින එම බැංකුවේ ප්‍රධාන දොරටුවේ නිරෝධානය ස්ටිකරය අලවා ප්‍රදර්ශනය කර ඇත.

පසුගිය දින කිහිපය තුල සහ (02) දිනයේ අදාල බැංකුව වසා දමා තිබු අතර , කලමණාකාරවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට හැටන් පොලිසියට සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට සෞඛ්‍යය අංශ විසින් දැනුම් දි ඇත.

එම බැංකුවේ ගණුදෙණුකරුවන් සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබා ගන්නා බවයි හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

lankacnews

Related posts

ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 ට එරෙහි විශ්වාසභංගය අද කතානායකවරයාට

Shiran Viraj

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

Shiran Viraj

අවසන් රෝගියාද සුව වන තුරු කොරෝනා රෝහලේ සියළු වියදම් ඩඩ්ලි සිරිසේන බාරගනී..

Shiran Viraj
Translate »