mediahumanrights.lk
Local NewsNews

අහඹු පරීක්‍ෂණයකින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකුට කොරෝනා..

බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් ම රෝගීන් දෙදෙනා සහ ඔවුන්ගේ ආශ්‍රිත සේවකයන් හයදෙනකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළාය.

ඉකුත් 03 වන දා එම ආයතනයේ සේවකයන් හැත්තෑවකට සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය මත එම දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කර අත්‍යවශ්‍ය මුද්‍රණ කටයුතු නාරාහේන්පිට ශාඛාවේදී සිදු කරමින් පවතී.

දෙපාර්තමේන්තුව විශබීජහරණය කිරීමෙන් පසු නැවත විවෘත කිරීමට කටයුතු කරයි.

Related posts

උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට ඇමරිකාව සූදානම් වනවා

Shiran Viraj

අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..

Shiran Viraj

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

Shiran Viraj
Translate »