30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.

ඔහු පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ වෛද්‍යවරයා සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

adaderananews

Related posts

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

Shiran Viraj

ප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවට

Shiran Viraj

පුරාවස්තු ගන්න ගිය 5ක් අල්ලයි

Shiran Viraj
Translate »