mediahumanrights.lk
Local NewsNews

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 506 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් ආසාදිතයින් 68 දෙනෙකු බන්ධනාගාර තුලින් හඳුනා ගැනීමත් සමගයි. අලූතින් වාර්තා වූ ආසාදිතයින් අතරින් 41 දෙනෙකුම වාර්තා වන්නේ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන්.

වැලිකඩ බන්ධනාගාරයෙන් ද ගතවූ පැය 24 දී එක් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල සංචරණය තවදුරටත් දැඩිව සීමා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

මේ අතර ගතවූ පැය 24 තුළ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 382 ක්. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. එම සංඛ්‍යාව 231 ක්. ඒ අනුව ඔක්තෝම්බර් 04 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5899 ක්.

ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අළුතින් ආසාදිතයින් 42 දෙදෙනෙකු වාර්තා වී ඇති අතර එම දිස්ති‍්‍රක්කයේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 4,998 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කලූතර දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකෙු හා කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 11 දෙනෙකු වශයෙන් ගතවූ පැය 24 දී වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

Related posts

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Shiran Viraj

මේ රජයත් හම්බන්තොටම සංවර්ධනය කිරීම කනගාටුදායකයි

Shiran Viraj
Translate »