2026-09-06
mediahumanrights.lk
NewsPolitical

කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..

චීනය හැර වෙන කිසිදු රටක් කොරෝනා මෘතදේහය ආදාහනය පමණක් කිරීමට නිර්දේශ කර නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව දිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව පවා පෙන්වා දී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ මුස්ලිම් ජාතිකයන් සඳහා පමණක් නොව සියලුම ආගමිකයන්ට කොරෝනා මෘතදේහ තමන් කැමති ආකාරයකට භූමදාන හෝ ආදාහනය යන දෙකෙන් එකක් සිදු කිරීමට අවස්ථාවක් ලබාදීමට බවද ඔහු පැවසීය.

ගුවන විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankaleadnews

Related posts

අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයි

Shiran Viraj

මළගෙදර බඹර ප්‍රහාරයක්‌ නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස්‌ ලූ ලූ දුවති

Shiran Viraj

හොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහ

Shiran Viraj
Translate »