25.6 C
Colombo
2026-03-01
mediahumanrights.lk
International NewsNews

ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්

ශ්‍රී ලංකාව පදනම් කර ගනිමින් චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මත ගැටුමක් උද්ගතව තිබේ. මීට හේතුවී ඇත්තේ කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් දේශීය පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති චීනයට පමණක් ලබාදෙන බව පවසමින් කර තිබූ ප්‍රකාශයකි.

අමෙරිකානු තානාපතිනිය අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ ‘‘විවෘත, විනිවිද භාවයෙන් යුතු සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක නම්, චීනය සමග ශ්‍රී ලංකාවේ හවුල්කාරීත්වයට අනුබල දෙන බවයි. ශ්‍රී ලංකාව විදේශීය ජාතීන් සමග සබඳතා පවත්වාගෙන යෑමේදී අවදානමක් නොගත යුතුයි’’ යනුවෙනි.

චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධයෙන්ද මෙහිදී තානාපතිනිය විවේචනාත්මක අදහස් පළකර තිබිණි. ඇය පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සාධාරණ තරගකාරීත්වයක් තිබුණේ නම් පිරිවැය අවම වනවා සේම එම ව්‍යාපෘතිවල තත්ත්වයද පවතිනු ඇති බවයි. ‘සේද මාවත’ වැඩසටහන යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ණය ලබාදෙන්නේ ඒකාධිකාරියකින් යුතුව බවත්, ඒ තුළ අදාළ ව්‍යාපෘති චීනයට පමණක් ලබාදෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

අමෙරිකානු තානාපතිනියගේ මෙම චෝදනාවන්ට පිළිතුරු ලබාදෙමින් කොළඹ චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ ඇමෙරිකාවේ මෙම ප්‍රකාශය පිළිබඳව විමතියෙන් හා කම්පනයෙන් බලා සිටින බවයි.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රඥප්ති දැඩි ලෙස උල්ලංඝනය කරමින් චීන-ශ්‍රී ලංකා සබඳතා පහත හෙළීමට තුන්වන රාජ්‍යයක තානාපතිවරයෙක් විසින් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව චීනය සිය අවධානය යොමුකර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාව ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම මවිතය දනවන කාරණයක් නොවුණත්, වෙනත් රාජ්‍යවල රාජ්‍යතාන්ත්‍රික සබඳතා තමන්ට උවමනා ආකාරයට හැසිරවීමට කටයුතු කිරීම නිර්ලජ්ජිත බවද චීනය වැඩිදුරටත් අවධාරණය කර තිබේ

lanka lead news

Related posts

විගණන පනත් කෙටුම්පත ගැන ජනපති හා කථානායක දැනුවත් කෙරෙති

Shiran Viraj

අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…

Shiran Viraj

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Shiran Viraj
Translate »