mediahumanrights.lk
Local NewsNews

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති නිසා නිදහස් කළා – නිතිය හා සාමය ඇමති

රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරු දින ත්‍රස්තවාදී සිද්ධියට ඍජුවම සම්බන්ධයක් නොමැති බැවින් ඔහුව නිදහස් කළ බව නීතිය හා සාමය කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

රියාජ් බදියුදීන් නිදහස් කළා යැයි සඳහන් කළාට සිදුව තිබෙන්නේ ඔහුව මුදා හැරීමක් පමණක් බව ද ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කරන බවද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.

රියාජ් බදියුදීන් මහතා මානව හිමිකම් නඩුවක් පැවරූ වේ නම් මේ වන විටත් ඔහු ඇප ලබා ගෙන තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙන ලදී.

කෙසේ වෙතත් රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පත්කර තිබෙන නව නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන සිදුකරන බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

lanka lead news

Related posts

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj

අවදානම් කලාපවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

Shiran Viraj

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයි

Shiran Viraj
Translate »