mediahumanrights.lk
NewsPolitical

රට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැ

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බලප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹුණා.

මේ හේතුවෙන් සහල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැුසක හිඟයක් පවතින බව ප‍්‍රදේශ රැුසකින් වාර්තා වුණා. ඒ පිළිබද නෙත් නිවුස් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් කරුණු විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මේ අතර පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ වනෝද්‍යාන වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍ය සී බී රත්නායක පවසනවා.

කෙසේවෙතත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිටියේ
(under the courtesy of nethnews.lk news web)

Related posts

උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…

Shiran Viraj

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj

තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාව

Shiran Viraj
Translate »