mediahumanrights.lk
NewsPolitical

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය මෙසේය.

ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා
කථානායක
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

සමගි ජන බලවේගයෙන් නෙරපන ලද මන්ත්‍රීවරුන්හට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීම.

පහත නම් සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කොට ඇති අතර ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

  1. ගරු ඩයනා ගමගේ මැතිතුමිය
  2. ගරු ඒ. අරවින්ද් කුමාර් මැතිතුමා
  3. ගරු ඉෂාක් රහුමාන් මැතිතුමා
  4. ගරු ෆයිසාල් කාසිම් මැතිතුමා
  5. ගරු එච්.එම්.එම්. හාරීස් මැතිතුමා
  6. ගරු එම්.එස්. තවුෆීක් මැතිතුමා
  7. ගරු නසීර් අහමඩ් මැතිතුමා
  8. ගරු ඒ.ඒ.එස්.එම්. රහීම් මැතිතුමා
  9. ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා

ලක්ෂ්මන් කිරිඇල්ලපා..
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක

Related posts

මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

Shiran Viraj

සවුදි ජාතිකයින්ට මෙරටින් ඉවත්වන්නැයි උපදෙස්

Shiran Viraj

අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලි

Shiran Viraj
Translate »