mediahumanrights.lk
NewsPolitical

ජනපතිගේ උපදෙස් මත නව රථ ගාල් 8ක්

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. එහි පළමු අදියර කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය පසුපස පිහිටි රථගාලේදී ආරම්භ කළ බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේ.

එම ස්ථානයේ ඉදිකෙරෙන්නේ මහල් 10කින් යුත් රථගාලක්. එහි වාහන 252ක් නවතා තැබීමේ පහසුකම් පවතිනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1113ක්. අදාළ මුදල නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැය කිරීම විශේෂත්වයක් වන අතර රාජ්‍ය ආයතනයක් මගින් ඉදිකරනු ලබන ප‍්‍රථම බහුවිධ රථගාලද මෙය වනවා.

එහි බිම් මහලෙහි විශාල ප‍්‍රමාණයේ සාප්පූ සංකීර්ණයක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙවන මහලේ කොළඹ කොටුව පොලීසිය ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා. 3 වන මහලේ සිට 9 වන මහල දක්වා වාහන නවතා තැබිමට හැකි අතර දසවන මහලේ නිවාස 7ක් ඉදිකිරීමට නියමිතයි. එම රථගාලේ ඉදිකිරීම් වසර 4ක් තුළ නිම කිරීමට නියමිත බවයි නාගරික සංවර්ධන අධිකාරිය පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

2048දී ආර්ථිකය ගොඩදාන්න ජනාධිපතිට හා අපට සැළසුමක් තිබෙනවා…

Shiran Viraj

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Shiran Viraj

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

Shiran Viraj
Translate »