25 C
Colombo
2026-01-27
mediahumanrights.lk
Local NewsNews

“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)

කොරෝනා වසංගතය ලෝකය තුළ තිබෙන තුරාවට මෙරටටද එහි අවදානම ඇති බව තම සංගමය වෛරසය  වාර්තා වූ මුල් සමයේ සිටම ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

රටේ ජනතාව තුළ වෛරසය පිළිබඳව තිබූ අවදානම ඉවත්ව පෙර පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්වීම නිසා  නැවත මෙම කොරෝනා අවදානම ඇති වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු මේ අදහස් පළ කර තිබුණේ යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එකතු වෙමිනි.

තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද රෙගුලාසි සහ උපදෙස් පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඇතැම් ආයතනයන් නොසලකා හැරි බවත් ඒවා කඩ කරමින් විවිධ වැඩසටහන් පවා පැවැත් වූ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අවම ආරක්ෂාව සඳහා මුහුණු ආවරණ පළඳින ලෙස කළ ඉල්ලීම පවා බොහෝ දෙනා නොසලකා හැරි බවද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා එම වැඩසටහනට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේය.

එම වැඩසටහන පහතින්, 

Related posts

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Shiran Viraj

මව සහ පියා ඝාතනය කළ පුත‍්‍රයෙකු අත්අඩංගුවට

Shiran Viraj

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Shiran Viraj
Translate »