mediahumanrights.lk
NewsPolitical

කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙරට පිහිටි කර්මාන්ත ශාලාවක තාක්ෂණික හෝ වෙනයම් කටයුත්තක් සඳහා විදේශිකයන් ගෙන්වයි නම් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්තශාලා එම මණ්ඩලයේ අනුමැතියද එසේ නොමැති කර්මාන්තශාලා සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ද අනුමැතිය ලබා ගත යුතු බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඇඟළුම් කර්මාන්තශාලා කොවිඩ් වසංගතය හමුවේ බරපතල ප්‍රශ්නයකට මුහුණු දී ඇති බවත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් මඟින් කොරෝනා වසංගතය නැවත පැතිර යාමක් සිදු වූවේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය BOI යටතේ ලියාපදිංචි වූ සමාගමක් බවත් එය කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථයට අයත් නොවන බවත් සඳහන් කළ අමාත්‍යවරයා; බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියානුවන් කිහිපදෙනෙක් පැමිණියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බැලූ බවත් කොවිඩ් 19 වසංගතයෙන් පසු කිසිම ඉන්දියානුවෙකුට ශ්‍රමිකයෙක් වශයෙන් හෝ තාක්ෂණික ශිල්පියෙක් වශයෙන් හෝ කිසියම් කර්මාන්ත ශාලාවක වුවමනාවක් සඳහා ලංකාවට රැගෙන ඒමට ඉල්ලීමක් කර නැති බවත් ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ද මේ පිළිබඳව විමසූ බවත් කිසිදු ඉන්දියානුවෙක් තාක්ෂණික හෝ වෙනත් කටයුත්තක් සඳහා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කිසිදු ආයතනයකට පැමිණ නොමැති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද තහවුරු කළේයැයි අමාත්‍යවරයා පැවසීය. තවදුරටත් මේ පිළිබඳව සොයා බැලූ තමා ආගමන විගමන කාර්යංශයෙන් ද මේ පිළිබඳව තහවුරු කරගත් බව ද අමාත්‍යවරයා කීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

Shiran Viraj

රෝග රැසකට ගුණදෙන මුරුංගා

Shiran Viraj

අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…

Shiran Viraj
Translate »