mediahumanrights.lk
Local NewsNews

එංගලන්තයෙන් ගෙන්වූ අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් තුළ නැවත යවනවාලු

එංගලන්තයේ මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් ඇතුළත එරටට යැවීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා රේගුව පවසනවා.

ඒ අනුව කොළඹ වරායේ ඇති තවත් අපද්‍රව්‍ය බහාලූම් 65 ක් එළඹෙන 04 වනදා යළි එංගලන්තය වෙත නැව්ගත කිරීමට නියමිත බවයි ශී‍්‍ර ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ රේගු අධිකාරී අෂ්රොෆ් සම්සුදීන් පැවසුවේ.

එම අපද්‍රව්‍ය බහාලූම් මෙරටට ගෙන්වූ පුද්ගලයින් ද අනාවරණ වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

2017 වසරේදී නීතිවිරෝධී ලෙස එංගලන්තයෙන් ශී‍්‍ර ලංකාවට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහාලූම් ගණන 242 ක්. එම අපද්‍රව්‍ය බහාලූම් යළි එංගලන්තය වෙත ප‍්‍රතිනැව්ගත කරන ලෙස අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ අතරින් බහාලූම් 20 ක් ඊයේ දිනයේ එංගලන්තය වෙත ආපසු පිටත් කර යැවීමට ශී‍්‍ර ලංකා රේගුව කටයුතු කළා.

nethnews.lk

Related posts

මම භූතයෝ විස්වාස කරනවා" දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!

Shiran Viraj

ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝ

Shiran Viraj

ජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයි

Shiran Viraj
Translate »