26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් -19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 237ක් වනවා.

කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපොන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, නාරාහේන්පිට 06ක්, වැල්ලම්පිටිය 01ක්, මාළිගාවත්ත 03ක්, කඩුවෙල 01ක්, වැල්ලවත්ත 05ක්, බොරැල්ල 03ක්, තුන්මුල්ල 01ක් සහ කැස්බෑව ප්‍රදේශයේ 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙක් වාර්තා වී ඇත. මහර ප්‍රදේශයෙන් 22ක්, වත්තල ප්‍රදේශයෙන් 52ක් සහ දිවුලපිටිය ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 01ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තංගල්ල ප්‍රදේශයෙන් 02ක්, තිස්සමහරාමයෙන් එක් ආසාදිතයෙක් වාර්තාවී ඇත.

මෙයට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය සහ මහව ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04ක් වාර්තා වී ඇත. එලෙස රෝගීන් වාර්තා වී ඇත්තේ තලවකැලේ 02ක්, මස්කෙළිය ප්‍රදේශයෙන් සහ කොටගල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වෙයි.

මිට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආයෙත් රැවටෙන්නේ ඔබමයි

Shiran Viraj

ආණ්ඩුවට අලි බර වැඩි වෙයි – හදාගන්න දෙන්න සැරසෙයි

Shiran Viraj

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Shiran Viraj
Translate »