23.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
Local NewsNews

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කෙරේ

කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුරන්දර, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දක්වා ඇත්තේ මෙම ව්‍යාපෘතිය අධික පිරිවැයක් දැරීමට සිදුවන ව්‍යාපෘතියක් බවයි.

කොළඹ නාගරික බලප‍්‍රදේශයේ ප‍්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට දරණ පිරිවැය සඳහා එය යෝග්‍ය නොවන බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අත්හිටුවා ඊට අදාළ ව්‍යාපෘති කාර්යාලය ද හැකි ඉක්මනින් වසා දමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදුන් බව අදාළ ලිපියේ සඳහන්.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය මෙන්ම මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වෙනත් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට දන්වා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වැඩබලන පොලිස්පති පත්වෙයි – තවත් පත්කිරීම් කිහිපයක්

Shiran Viraj

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

Shiran Viraj

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක්…

Shiran Viraj
Translate »