mediahumanrights.lk
BusinessBusiness NewsNews

සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක්

සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ඒ ප්‍රවණතාවය තව තවත් බල ගන්වමින් දේශිය වෙළඳපළ පමණක් නොව විදේශීය වෙළඳපළට ගෙන යාමේ වැඩපිළිවෙළක් මේ වන විට දියත් වී ඇති බවත්,දේශිය කර්මාන්ත ශිල්පින්ගේ අඳුරු යුගය නිමා වී පැහැබර අනාගතයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට රාජ්‍ය අමාත්‍ය ඇතුළු සියලු දෙනාටම හැකියාව ඇති බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා අද (16) දියත උයනේ පැවැති විශේෂ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාව අමතමින් කීය.

තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

ජාතික ශිල්ප සභාවේ මැදිහත්විම මඟින් අත්කම් නිර්මාණය කරන ශිල්පින්ට තමන්ගේ නිෂ්පාදන ඝෘජුවම අලෙවි කර ගැනීමේ අවස්ථාව මෙම “ශිල්ප Thursday ”මඟින් නිශ්චිත වෙළදපොළක් නිර්මාණය කර දෙන්නට හැකියි.

එමඟින් අපේ දේශීය නිෂ්පාදකයාට පසුගිය කාලයේ තිබු නොසැලකීල්ලට භාජනය වි තිබු මෙම ක්ෂේත්‍රය දැඩි අවධානයට ලක් කොට ඔවුන්ගේ ගැටළු විසදා දෙමින් වෙළදපොළ නිර්මාණය කර මේ රටේ දේශීය කර්මාන්තයේ වැදගත් කොටසක් මෙමගින් ආවරණය වෙනවා.

ස්වදේශිය කර්මාන්ත සෑම එකක් ම බිඳ වැටෙන අයුරින් පසුගිය ආණ්ඩුව කාලේ දේශීය ශිල්පින් පමණක් නොව දේශිය කර්මනේත සෑම එකක්ම පාහේ ඉතාම අඩු අවධානයක් හා සැලකිල්ලක් දක්වා තිබුණා.

නමුත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ස්වදේශිකත්වය මත පදනම්ව ස්වදේශික ජනයා බල ගැන්විමේ ප්‍රතිපත්තිය නිසා ග්‍රාමීය කර්මාන්ත,අත්කම් නිර්මාණවලට ඉහළ පිළිගැනීමක් ලැබි තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

lanka lead news

Related posts

නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!

Shiran Viraj

මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..

Shiran Viraj

සති අන්තයේ බස් හිඟයෙන් දක්ෂිණ අධිවේගයේ මගීන් අසීරුතාවක

Shiran Viraj
Translate »