27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.

ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සිව් වන දිනටත් සාක්ෂි ලබාදෙමින්. එහිදී ඔහු සදහන් කර ඇත්තේ ප‍්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවති බවයි.

එවකට රජය මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් වලට දැඩිව නතු වීම හා මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් හේතුවෙන් සහරාන් හෂීම් අත්අඩංගුවට ගත නොහැකි වූ බව ඔහු පැවසූවා.

ප‍්‍රහාරය පිළිබද තොරතුරු ලැබුණු විට එය වැදගත් බව හැඟුණු බැවින් ඒ පිළිබද ක‍්‍රියා කළ හැකි ආයතනය වන පොලීසියට දැනුවත් කළ බවද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී පවසා තිබෙනවා. තමාට ලැබුණ තොරතුරු නොසලකා හැර අවුරුදු නිවාඩුව ලබාගත්තා නම් තමා වැරදි බවත් තමාගේ මාස පහ හමාරක කාලය තුළ ප‍්‍රහාරයක් එල්ල වන බවට තමා දැනුවත් කර නොතිබූ බවත් ඔහු පවසා තිබෙනවා.

එබැවින් තමා රාජකාරිය පැහැර හැර නොමැති බවයි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු කොමිසම හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ.

වවුනතිව් ‍‍පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඞීම, වනාතවිල්ලූ‍ව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබියදි එය භයානක බව නොවැටහුණේදැයි එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා ඔහුගෙන් විමසා තිබෙනවා.

එහිදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත්තේ ඒ පිළිබද වැටහුණු නමුත් නැගෙනහිර දේශපාලන ක‍්‍රියාවලියේ හැසිරීම සැලකීමේදී ඔවුන් රජයට කොතරම් අවශ්‍යද යන්න සළකා බැලූ විට පියවරක් ගැනීම කළ හැකි දෙයක් නොවන බවයි.

මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයාබලන ජනපති කොමිසම හමුවේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිළිබද සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්  තවදුරටත් විරෝධය පළ වනවා.

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන් තිදෙනෙකු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම අසත්‍ය ප‍්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

ඉකුත්දා එම කොමිසම හමුවේ හරීන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇත්තේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වා නැත්තේ සිදුවන්නට යන අනතුර පිළිබද උන්වහන්සේ කලින් දැනුවත් වී සිටි නිසා බවට අනුමාන කරන බවයි.

සහයක රදගුරුතුමන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති එවකට බලයේ සිටි දේශපාලකයන්, රාජ්‍ය පාරිපාලන නිලධාරීන් සහ බුද්ධ අංශවල සේවය කළ නිලධාරීන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට අදාළ අංශ කටයුතු කරනු ඇති බවයි.

lanka lead news

Related posts

මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්ත

Shiran Viraj

රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයි

Shiran Viraj

සිරුරින් වැය වන ශක්තිය නැවත ගන්නේ කොහොමද?

Shiran Viraj