mediahumanrights.lk
Local News News

වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයි

ගත වූ වසර 50 කට අඩු කාලය තුළ ලොව පුරා වනජීවී ගහනය තුනෙන් දෙකකින් පමණ පහත වැටී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

1970 සිට ක්ෂීරපායින්, කුරුල්ලන්, උභයජීවීන්, උරගයින් සහ මත්ස්‍යයන් 20,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත් සාමාන්‍යයෙන් එය වන ජීව ගහණයෙන් සියයට 68 ක පහත වැටීමක් බවයි පැවසෙන්නේ.

සොබාදහම සඳහා ලෝක ව්‍යාප්ත අරමුදල නම් සංරක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ මෙම ”‍ව්‍යසනකාරී පරිහානිය”‍ අඩු වීමේ කිසිඳු සලකුණක් නොපෙන්වන බවයි. මින් පෙර කිසි දිනෙක නොදුටු වේගයකින් මිනිසුන් විසින් සොබාදහම විනාශ කරනු ලබන බවයි එමඟින් අනතුරු අඟවමින් දක්වා ඇත්තේ.

වනාන්තර විනාශ කිරීම සහ අධික ලෙස මසුන් ඇල්ලීම වැනි වන සතුන්ට නිදහසේ ජීවත් වීමට ඇති භූමි විනාශ කරමින් ඇති බවද එම වාර්තාවේ සඳහන්.
මිනිසා විසින්ම මිනිසාගේ ලෝකය විනාශ කරන බවත්

මිනිසාගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ පෘථිවියේ පැවැත්ම ද දැන් අවදානමට ලක් කරමින් ඇති බවත් සොබාදහම සඳහා ලෝක ව්‍යාප්ත අරමුදල පවසනවා.

ලොව පුරා වන ජීවී වාසස්ථාන නිරීක්ෂණය කරමින් විවිධ වනජීවී විශේෂ දහස් ගණනක් පිළිබඳ මෙම වාර්තාව සඳහා අධ්‍යයනය කර තිබෙනවා.

වඳවී යාමේ දත්ත සම්පාදනය කරන ස්වභාව ධර්මය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය පවසන්නේ ශාක හා සතුන් විශේෂ 100,000 කට වැඩි ප්‍රමාණයක් සහ සත්ත්ව විශේෂ 32,000 කට වැඩි ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ද ලක්ව ඇති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

Shiran Viraj

මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්

Shiran Viraj

කෝලි, මිලියන ගණනක වෙළඳ ප්‍රචාරණයකට බැහැ කිව්ව හේතුව මෙන්න

Shiran Viraj