25.9 C
Colombo
2025-08-05
mediahumanrights.lk
Local NewsNews

රියදුරු බලපත්‍රය ගැනත් තීන්දුවක් ගනී – ජනවාරි 01 වනදා වෙන දේ මෙන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට යුද හමුදාව විසින් සිදුකිරීමට නියමිතය.

පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය යුද හමුදාවට භාරදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව පසුගිය ජුලි මස 01 වනදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී පවත්වා තිබේ.

එහිදී අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ක්‍රියාකාරි සැලසුම් පරීක්ෂා කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා එම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යාමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය තුළින් යුද හමුදාව ජාතික තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කරමින් රටේ අනාගත ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් සඳහා සහයවිමේ හැකියාව පිළිබඳව ද කරුණු සාකච්ඡා වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ ය.

lanka lead news

Related posts

ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

Shiran Viraj

මාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…

Shiran Viraj

ලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…

Shiran Viraj