mediahumanrights.lk
Local NewsNews

මාලදිවයිනේ සිට පැමිණි පස් දෙනෙකුට කොරෝනා

මාලදිවයිනේ සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ, ඔවුන් තුන්වන වරටත් පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුවයි. ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පැවසුවේ ගර්භණී කාන්තාවකට සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එම පිරිමි පුද්ගලයින් සිව් දෙනා ඉරණවිල පිහිටි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට හා ගර්භණී කාන්තාව මුල්ලේරියාවේ පිහිටි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට මාරු කර තිබෙනවා. අගොස්තු මස 28 වනදා දිවයිනට පැමිණි මෙම පිරිස කොග්ගල ප‍්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක  නිරෝධායනය වෙමින් සිටි බවයි ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පැවසුවේ.

Related posts

බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

Shiran Viraj

ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංග

Shiran Viraj

යේමනයේ කොළරා වසංගතය පැතිරේ

Shiran Viraj
Translate »