mediahumanrights.lk
Local NewsNews

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

නැගෙනහිර මුහුදු සීමාවේදී ඉකුත් දා ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා, සැකකරුවෙකු ලෙස නම් කිරීමටත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නොතීසි ලබාගන්නා ලෙසත්, නිතිපති දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරායට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන නීතිපතවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනී නීතිඥ නිෂාරා ජයරත්න කියා සිටියේ 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ 25,26,38 සහ 53 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු පිළිබඳ සාධාරණ සැකයක් ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයාගේ මතය බැවින් නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි යනුවෙනි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ගින්නක්-2ක් මරුට

Shiran Viraj

සෞඛ්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ගැසට් කිරිමට සූදානම්

Shiran Viraj

"ජන්දය අපි ඇඟට අරන් තියෙන්නේ" – මෛත්‍රී පිළ දිනන බව ඉසුර කියයි

Shiran Viraj
Translate »