mediahumanrights.lk
Local NewsNews

ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ

ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සියළු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළා.

දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ. එමෙන්ම සියළු පාසල්වලට සමාන පහසුකම් ලබාදීමටද මෙම සාකච්ජාවේදී තීරණයකට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

පාසල් පද්ධතියේ දියුණුව සදහා දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට මෙම සාකච්ජාවේදී තීරණය වී තිබෙනවා.

ගුරු මාරු සහ පාසල් දරුවන් ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට අවශ්‍ය සෑම කාර්යයකටම හවුල්වීමට දේශපාලනඥයින්ට හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සදහා වැඩබලන විදුහල්පතිවරුන් පත් කිරීමටද රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවති සාකච්ජාවේදී අදහස් පළ වී තිබෙනවා. ඒ අනුව පාසල්වල සිටින දක්‍ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පත් කිරීමට ඇති ඉඩ විමසා බැලීමටයි එහිදි තීරණය වී ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි.. ලංකාවේද භාවිත කරන්නේ එම එන්නතයි..

Shiran Viraj

දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…

Shiran Viraj

ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..

Shiran Viraj
Translate »