mediahumanrights.lk
International NewsNews

එම්.සී.සී. ගිවිසුමේ ඉරණම විසඳන්න තීරණාත්මක හමුවක්

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කළ ආන්දෝලනාත්මක MCC හෙවත් සහශ්‍රක අභියෝගතා ගිවිසුමට මෙරට තුළ එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවේ එය තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැත්ද යන්න ගැන තීන්දු කිරීමට MCC අධ්‍යක්ෂ මණ්ඩලය ලබන සතියේ වොෂින්ටනයේදී රැස්වීමට නියමිතය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍රක අභියෝගතා කාර්යාංශය විසින් මෙරට තෝරාගත් සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීම සඳහා MCC ගිවිසුම ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළේය. එහෙත් මෙහි ඇතුළත් විවිධ කාරණා සහ සපුරාලිය යුතු කොන්දේසි සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් හට ගැනිණි. අනතුරුව මේ ගැන විමසුමට පත්කළ විද්වත් කමිටුව නිර්දේශ කළේ මෙම ගිවිසුමේ ඇතැම් කොන්දේසි රටේ පොදු නීතියට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි බවය. ඒ සමඟ ගිවිසුමේ කටයුතු අක්‍රීය විය.

ඇමෙරිකාව දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට අමතරව නේපාලයටද මෙබඳු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් එයද තවමත් නේපාල පාර්ලිමේන්තුව අනුමත කර නැත.

laka lead news

Related posts

විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමයක්

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj

ලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?

Shiran Viraj
Translate »