27 C
Colombo
2026-02-18
mediahumanrights.lk
NewsPolitical

විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට තෝරාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක්

රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රට ගුණ දහමින් පොහොසත්ව ඇත්තේ බුදු දහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් සෙසු ආගම් උගන්වන ආගමික සහජීවනය හේතුවෙන් බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සෑම ආගමකම ලියාපදිංචි දහම් පාසල්වල අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, නියාමනයටත් රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දහම් පාසල් ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන් දිරි ගැන්වීමට කළ හැකි දේ සොයා බලා ක්‍රියාත්මක කරන ලෙසද, ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දි තිබේ.

විශ්වවිද්‍යාලවලට සහ රැකියාවලට බඳවාගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

lanka lead news

Related posts

රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

Shiran Viraj

ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න මහේල වැඩ පටන්ගනී

Shiran Viraj

ලංකාවේ යොවුන් යුවළවල් සුවෙන් සැතපෙද්දී, අරාබිය තෘප්තිමත් වෙන හැටි මෙන්න…!

Shiran Viraj
Translate »