mediahumanrights.lk
Local News News

බැඳුම්කර හොරකම : අර්ජුන් ඇලෝෂියස්ට සහ රවී කරුණානායකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

හිටපු  අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අද අධිචෝදනා ගොනු කරණු ලැබුවා.

ඒ, අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්‍ෂ ධූරය දරන සමාගමක් නිකුත් කළ මුදල්වලින් රවී කරුණානායක නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගෙන තිබුණා.

මෙම වරදට  ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව ද අල්ලස් කොමිෂන් සභාව  චෝදනා එල්ල කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මම නිරෝෂා විරාජනී නිසා සමහරු ඒක තළුමර මර රසවිඳිනවා

Shiran Viraj

පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

Shiran Viraj

පකිස්ථානයට කඩුලු 3ක ජයක්

Shiran Viraj