28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදුකරනු ඇති. ඒ සදහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. එමගින් දිනෙන් දින ඉහළ යන පොල් මිල පාලනය කිරීමට හැකිවනු ඇති බව පොල් කිතුල් තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි. පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි පොල් වෙළදුන් පවසන්නේ. පොල් මිල සම්බන්ධයෙන් ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදීද අවධානය යොමුව තිබුණා.

මේ අතර සගවා තිබෙන සහල් තොග වෙළඳපලට නිකුත් නොකරන්නේ නම් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ ප‍්‍රකාශ කළා. ඒ, සහල් මෝල් හිමියන් සමග වෙළඳ අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Shiran Viraj

එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj