28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයි

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ.

පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

පළාත් සභා ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් අතර පැවැති සාකච්ඡුාවකදී රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙම අදහස් පළ කළා
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාව 311 යි : වැස්ස නිසා තරගය අත්හරියි (Highlights)

Shiran Viraj

තිසර එංගලන්තයට යන්න නියමිතයි

Shiran Viraj

දේශබන්දු පොලිස්පති කරන්න ජනාධිපති තදින්ම විරුද්දයි…

Shiran Viraj
Translate »