mediahumanrights.lk
International News News

එම්.සී.සී. ගිවිසුමේ ඉරණම විසඳන්න තීරණාත්මක හමුවක්

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කළ ආන්දෝලනාත්මක MCC හෙවත් සහශ්‍රක අභියෝගතා ගිවිසුමට මෙරට තුළ එල්ල වී තිබෙන දැඩි විරෝධය හමුවේ එය තවදුරටත් පවත්වාගෙන යා යුතුද නැත්ද යන්න ගැන තීන්දු කිරීමට MCC අධ්‍යක්ෂ මණ්ඩලය ලබන සතියේ වොෂින්ටනයේදී රැස්වීමට නියමිතය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍රක අභියෝගතා කාර්යාංශය විසින් මෙරට තෝරාගත් සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීම සඳහා MCC ගිවිසුම ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළේය. එහෙත් මෙහි ඇතුළත් විවිධ කාරණා සහ සපුරාලිය යුතු කොන්දේසි සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් හට ගැනිණි. අනතුරුව මේ ගැන විමසුමට පත්කළ විද්වත් කමිටුව නිර්දේශ කළේ මෙම ගිවිසුමේ ඇතැම් කොන්දේසි රටේ පොදු නීතියට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි බවය. ඒ සමඟ ගිවිසුමේ කටයුතු අක්‍රීය විය.

ඇමෙරිකාව දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට අමතරව නේපාලයටද මෙබඳු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් එයද තවමත් නේපාල පාර්ලිමේන්තුව අනුමත කර නැත.

laka lead news

Related posts

සෞඛ්‍ය ඇමකිකම ගන්නැයි ජනාධිපති මට කතා කලේ නෑ- රාජිත

Shiran Viraj

සුවසැරිය ගිලන්රථයකදී තවත් දරු ප්‍රසූතියක් – ඡායාරූප මෙන්න

Shiran Viraj

ජෙනරාල් ජගත් ජයසූරියට ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ඇවිත්

Shiran Viraj