mediahumanrights.lk
NewsSportsSports News

හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයි

කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් ඇති අතර මියයන විට චෙතන් චෞහාන් 73 හැවිරිදි වියෙහි පසුවු බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඉන්දියාව හිටපු සුපිරි පිතිකරුවෙක් වන සුනිල් ගවස්කාර්ගේ ආරම්භක සහකරු ලෙස ක්‍රිඩා කළ දකුණත් පිතිකරු චෙතන් චෞහාන් 1969 සිට 1981 දක්වා ඉන්දියානු කණ්ඩායම නියෝජනය කර තිබේ.

ක්‍රිඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ විවිධ තනතුරු හෙබවූ ඔහු ඉන්දියානු කණ්ඩායම් කළමනාකරු ලෙස ද සේවය කළ අයෙකු වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලිපි හුවමාරුවෙන් උතුරු පළාත් සභා අවුල තවත් වැඩි වෙයි

Shiran Viraj

පෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…

Shiran Viraj
Translate »