mediahumanrights.lk
BusinessBusiness NewsNews

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම අරමුදලට රුපියල් මිලියන 92ක මුදල් පරිත්‍යාගයක්

ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟුමාල් තෙවරතන්ත්‍රි ඊට අදාළ චෙක්පත ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ COVID- 19ට එරෙහි සටනට සිය දායකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා රතුකුරුස සංගමය මගින් බැංකුව පරිත්‍යාගය සිදු කර තිබේ. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මගින් ලබා දුන් අමරිකානු ඩොලර් 300,000ක් හා මෙරට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බංකුව ලබාදුන් අමරිකානු ඩොලර් 200,000කින් මේ මුදල සමන්විතයි.

කොරෝනා වෛරසය පාලනය සහ මර්ධනය, රෝගය පතිරයාම වැළැක්වීම සහ පෙර සූදානම, වෛරසය පිළිබඳ ජනතාව නිවැරදිව දැනුවත් කිරීම, රෝගීන් හඳුනාගැනීම සඳහා උපකරණ මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා මේ මුදල යොදවනු ඇතැයි බැංකුව අපේක්ෂා කරයි.

සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ස්ටෑන්ඩර්ටඩ් චාර්ටඩ් බැංකුවේ සන්නාම සහ අලෙවිකරණ ප්‍රධානී අනුක් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයි

Shiran Viraj

බ්‍රිතාන්‍යට ගැළවීමක් නැති වෙයි – තවත් ප්‍රහාරයක් එල්ල වෙලා

Shiran Viraj

පොඩි වාහන හීනය සැබෑකර සත්තුන්ටත් අයවැය සහන දෙයි !

Shiran Viraj
Translate »