mediahumanrights.lk
International NewsNews

ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයි

බෙලනනයේ බේරූට් අගනුවර වරාය පරිශ‍්‍රයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ද හානි සිදුව තිබෙනවා.

තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවලට හානි සිදුව ඇති බවයි ලෙබනනයේ සහ සිරියාවේ ශ‍්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ.

නිලධාරීන්ගේ නිවාසවලටත් හානි සිදු වී ඇති බවත් සඳහන් කළා. කෙසේවෙතත් තනාපති කාර්යාලය මීට පෙර පැවැති ස්ථානයේ තිබුණේ නම් විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බවත් පෙන්වා දුන්නා.

මෙම පිපිරීමෙන් ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අදාළ අනතුරෙන් තවදුරටත් තුවාල සිදු වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු සොයමින් ඇති බවයි පෙන්වා දුන්නේ. ලේ දන් දීමකට හැර රෝහල් වෙත යෑම මේ වන විට තහනම් කර ඇති බැවින් අදාළ සොයා බැලීම් සිදු කිරීම අපහසු වී ඇති බවත් සඳහන් කළා. ශ්‍රී ලංකාවේ කිසිවෙකු මිය ගොස් නැති බවට විශ්වාස කරන බවත් පෙන්වා දුන්නා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගූගල් සමාගමට ලොකු දඩයක්

Shiran Viraj

හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කෙරේ

Shiran Viraj

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

Shiran Viraj
Translate »