mediahumanrights.lk
Local NewsNews

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට පියවර ගැනීම හේතුවෙන් රැඳවියන් අතර ආරවුල් වැඩි වී තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් අතර ගුටිබැට හුවමාරුවීමක් ද හට ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. හෙරොයින් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවූ බොහෝ රැඳවියන් හෙරොයින් නොමැතිවීමෙන් සිහිවිකල් ව හැසිරෙන බවද බොහෝ බන්ධනාගාරවලින් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඉකුත් සති දෙක තුළ හෙරොයින් පානයට ඇබ්බැහි වු රැඳවියන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ මීගමුව, කළුතර, කොළඹ රිමාන්ඞ් සහ බූස්ස බන්ධනාගාරවලදීයි.

ඉන් රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර තුළදී සිය දිවිහානි කර ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.  

මේ අතර සියලූ බන්ධනාගාරවල අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. මෙහිදී, මත්ද්‍රව්‍ය නොමැති වීමෙන් බන්ධනාගාර තුළ කළහකාරිව හැසිරෙන රැඳවියන්ගේ සහ අනෙකුත් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මහ රෑ ක්‍රිකට් ප්‍රබලයන් කටුනායකට

Shiran Viraj

කෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

Shiran Viraj

නීල හරිත අයවැයක් – ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථනයක් බවට පත් කරනවා

Shiran Viraj
Translate »