mediahumanrights.lk
Local NewsNews

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසම හමුවට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්,  පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද යළි සාක්ෂි ලබාදීමට නියමිතයි.

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්, 2017 වසරේදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අවස්ථා 03 කදී පැමිණ ඇති බවයි උන්වහන්සේ නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර හිටපු අමාත්‍ය සාගල රත්නායක ද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ඊයේ පැමිණ පැය 10 ක ප‍්‍රකාශයක් ලබාදුන්නා. මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනීසිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද ඊයේ කැඳවීමක් කර තිබුණා.

එහෙත්, ඒ මහතා ඊයේ දිනයේදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ නැහැ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයක

Shiran Viraj

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

Shiran Viraj

විදුලි කප්පාදු වූවන්ට සහන රැසක්…

Shiran Viraj
Translate »