mediahumanrights.lk
International NewsNews

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. දැනට සති කිහිපයක කාලයක් සිට අසනීප තත්ත්වයෙන් පසුවන ජපාන අග්‍රාමාත්‍යවරයා අවස්ථා කිහිපයකදී රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ජපාන මාධ්‍ය වාර්තා කර සිටින්නේ අගමැතිවරයා තමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරගෙන සිටින බවට සමිපතයින්ට දැනුම් දී ඇති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

Shiran Viraj

රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..

Shiran Viraj

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Shiran Viraj
Translate »