mediahumanrights.lk
NewsSportsSports News

මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයි

වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරග රැසකට එක් නොවන බවයි වාර්තා වන්නේ. මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත්, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ලසිත් මාලිංග ක‍්‍රිඩා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ. මෙවර අයි පී එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුදල් විශුද්ධිකරණ චෝදනාවකට නාමල් රාජපක්ෂට නඩු

Shiran Viraj

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයි

Shiran Viraj
Translate »