29 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNews

පොඩි ලැසීගේ ප්‍රධානම ගෝලයෙක් අල්ලයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික පොඩි ලැසීගේ ප්‍රධානතම ගෝලයෙකු වන කුඩු රංග, අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අද (28) පෙරවරුවේ සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ආයුධ රැසක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ.

ඒ අනුව ටී 56 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, අත්මාංචු යුගලයක්, ගෑස් බෝම්බ දෙකක් සහ තවත් උපකරණ කිහිපයක් මෙහිදී සොයාගෙන තිබෙනවා.

සැකකරු මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ ඝාතන ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෝඨාභයගේ පෙත්සම ඔක්තෝම්බර් 24 ට කල්දායි

Shiran Viraj

අද සිට සතොස බඩු මල්ලක් සහනදායි මිලකට

Shiran Viraj

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Shiran Viraj
Translate »