27.2 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානය

හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සහ පෙරහැර වලට ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට එය කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරිමට අපේක්ෂා කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී සඳහන් කර සිටිනවා.

හීලෑ අලි ඇතුන්ට සිදුවන හිංසනය වැළැක්වීමට ප්‍රමුඛතාවය හිමිවිය විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී ඇමතිවරයා සමග සාකච්ජා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර සිටියා.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ අවධානය යොමු වී තිබෙනවා.

සතුන් කුඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේදී යල් පැන ගිය ක්‍රමවේදයක් බවත් ඒ නිසා සත්වෝද්‍යානය නවීන ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍ය බැවින් සතුන්ට හිංසාවක් නොවන අයුරින් එය සිදුකළ යුතුව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ කෑම බීම සහ වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සහ අතිකාල ගෙවීම සඳහා රුපියල් මිලියන 06ක මුදලක් වැය වන බව මෙහිදී අනාවරණය වී ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද මෙහිදී ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

Shiran Viraj

අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයි

Shiran Viraj

ආර්ථික කණ්ඩායම දෙකට බෙදිලා.. බැසිල් එක මතයක.. කබ්රාල් තව මතයක.. කබ්රාල් ධුරයෙන් ඉවතට යයි තොරතුරු…

Shiran Viraj
Translate »