mediahumanrights.lk
NewsPolitical

ජන්ද විමසීම සාමකාමිව අවසන් වෙයි : ජන්ද ගණන් කිරිම හෙට

09 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුවා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,885 ක සුදුසුකම් ලැබූ ලියාපදිංචි ඡන්ද දායකයින් 16,263,885 පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණා.

මෙරට පවතින COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මෙවර මැතිවරණ කටයුතු පවත්වන ලදී.

මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ විට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙමින් පවතින අතර හෙට දිනයේ දී (05) මෙම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල දැඩි රැකවල් මධ්‍යයේ තබා තැබීමට නියමිතයි.

ඒ අනුව, හෙට දිනයේ දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ. කෙසේ වුව ද, පෙර තිබූ මැතිවරණ වලට සාපේක්ෂව මෙවර 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය ඉතා සාමකාමීව සිදු වූ බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර සිටී. මේ අතර ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිතව සහ සාමිකාව පැවැති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින් ද ප්‍රකාශ කරයි.

මේ අතර දිවයිනේ ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතය අද පස්වරු 4 වනවිට 55% ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ රත්නපුර 70%, ත්‍රිකුණාමලය 69%, මාතලේ 68%, කෑගල්ල 67%, මහනුවර 65%, මොණරාගල 65%, ගම්පහ 62%, කොළඹ 60%, කළුතර 60%, ගාල්ල 60%, පුත්තලම 60%, යාපනය 57%, පොළොන්නරුව 55%, නුවරඑළිය 65%, දිගාමඩුල්ල 68%, මඩකලපුව 69%, යාපනය 57%,  අනුරාධපුරය 52%, පොළොන්නරුව 55%, මොණරාගල 65%, බදුල්ල 50%, වන්නි 55% ක් පමණ වන බවයි දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

" ඉන්දියාව පරද්දලා මේ ලබපු ජයග්‍රහනය අපිට ගොඩක් වටිනවා " සියලූම දෙනා මවිත කරමින් කලාපයේ ක්‍රිකට් ලොක්කා ඉන්දියාව , නේපාලය හමුවේ පරදියි .!

Shiran Viraj

ආනන්ද-නාලන්ද පාසල් ගැටුම රණ්ඩුවට ගියේ ඇයි දැයි ඇසුවාම දන්නෙ නෑ අයියල එන්න කිව්වා-පොලිසියෙදි කියලා

Shiran Viraj

නව පරපුර ගනුදෙනු කරන විදිය

Shiran Viraj
Translate »