mediahumanrights.lk
Local NewsNews

සිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන මත්කුඩු රැගෙන ගිය පෙම්වතිය පොලිස් අත්අඩංගුවට

අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිලිබදව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර තරුණයකු හා අලුත්ගම දුම්‍රියපොල පාරේ ගමන් ගත් කාන්තාවක් පිලිබඳ ලද තොරතුරක් මත එම කාන්තාව පරීක්ෂා කල පොලිස් කොස්තාපල්වරියක් එම සැකකාර කාන්තාවගේ කොණ්ඩයේ සගවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් හතලිහක් සමග එම කාන්තාවද ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය බේරුවල පොලිස් වසමේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බවත් සිය පෙම්වතාට ලබා දීමට මෙම හෙරොයින් මත් කුඩු සිය කොණ්ඩය තුල සගවා රැගෙනවිත් ඇති බව ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Shiran Viraj

කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…

Shiran Viraj

බහුතරය නැති සභාවල සභාපතිලා තෝරන්නේ ඡන්දයෙන්

Shiran Viraj
Translate »