27.3 C
Colombo
2025-07-31
mediahumanrights.lk
Local NewsNews

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසම හමුවට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්,  පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද යළි සාක්ෂි ලබාදීමට නියමිතයි.

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්, 2017 වසරේදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත අවස්ථා 03 කදී පැමිණ ඇති බවයි උන්වහන්සේ නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර හිටපු අමාත්‍ය සාගල රත්නායක ද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත ඊයේ පැමිණ පැය 10 ක ප‍්‍රකාශයක් ලබාදුන්නා. මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනීසිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද ඊයේ කැඳවීමක් කර තිබුණා.

එහෙත්, ඒ මහතා ඊයේ දිනයේදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ නැහැ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…

Shiran Viraj

ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..

Shiran Viraj

අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

Shiran Viraj