mediahumanrights.lk
Local NewsNews

කන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 519 ක් ඉහළ ගොස් තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී කෝවිඞ් 19 වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, එම ආසාදිතයින් අතරින් 440 දෙනෙකුම පුනරුත්ථානය වෙමින් සිටි රැඳවියන් බවයි.

ඊයේ දිනයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 29 දෙනා ද සමග මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 2,646 ක්. ඒ අතරින් පුද්ගලයින් 1,981 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

නව්‍ය කොරෝනා ආසාදිතයින් 654 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාව බෞද්ධ රටක්..අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..-දුමින්ද දිසානායක කෙලින්ම කියයි

Shiran Viraj

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Shiran Viraj

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

Shiran Viraj
Translate »